Apple Black Hole Concept, the iPhone of 2020?


apple ආහාරයක් විදියට නම් තරමක් ලාබ දායී සාමාන්‍ය පලතුරක්. ඒත් apple කියන product එක ?
අම්මෝ, ඇහුවත් දාඩිය දානව නේද ? apple i pod, apple iphone, apple mac හරි ලස්සන, ගාන ඇහුවම තරු විසි වෙන ජාතියෙ නිෂ්පාදන බව හැමෝම දන්නවනේ. ඒ කොහොම උනත් නවීන තාක්ෂණය ලස්සනට ඉදිරිපත් කරත්දි apple හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නවා. ජංගම දුරකථනය වෙනත් තලයකට ගෙන ආ සහස්‍රයේ සිහිනය apple i phone කියන ජේත්තුකාරයාගේ අනාගත පරපුරේ නූපන් දරුවෙකුට ලියපු උප්පැන්නයක සිංහල පිටපත ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවෙ ඕන්න ඔය කරුණු නිසා.
ඒ තමා *Apple Black Hole*
apple සමාගමේ නවතම ජංගම දුරකථන සංකල්පය තමා මේ. අද අප අතට පත් වන නවීන තාක්ෂණික උපකරණ සමඟ සසඳන විට පවා මෙම සංකල්පය සිහිනයක්ම විතරයි වගේ. avatar, iron man වගේ සිනමා නිර්මාණ වල තිබුනු ප්‍රක්ෂේපන තිර ක්‍රමය මතකද ? හිස් අවකාශයට විහිදුනු රූප අත පත ගාන අය දැක්කම හිතට අමුතු හැඟීමක් දැනෙනවා නේද ? සිනමා තිරයට සීමා වූ එම සිහිනය හැබෑවක් කරන්න apple සමාගමේ පිරිස ක්‍රියාත්මක කරමින් සිටින ව්‍යාපෘතිය තමා Apple Black Hole Concept, the iPhone of 2020 ?

දැක්කම නම් ටිකක් අමුතුයි තමා. කොහොම නමුත් මේ තමා Apple Black Hole පෙනුම. මෙය කොටස් හතරකින් සමන්විතයි. the charging base, the Prism, the Black Hole සහ the giftbox තමා ඒ කොටස් හතර. ප්‍රධාන කොටස නැතිනම් the Black Hole කොටස අත්ල මතට ගත් විට මෙහි දිස් වන කුඩා කළු පැහැ බෝලය හිස් අවකාශයට විහිදී holographic technology නම් ක්‍රමය භාවිතා කරමින් අත්ලට ඉහල හිස් අවකාශය තුල රූප නිර්මාණය කරනු ලබනවා. අතින් ඇල්ලීමට හැකි මේ රූප තමා මෙහි තිර මුහුනත වන්නෙ.


කොහොම නමුත් මම කිව්වනේ, නූපන් දරුවෙකුට ලියපු උප්පැන්නයක් කියලා. ඒත් අපිත් මේ දරුවගෙ උප්පත්තියට සුබ පතමු.

0 comments:

Post a Comment