skip to main |
skip to sidebar
apple ආහාරයක් විදියට නම් තරමක් ලාබ දායී සාමාන්‍ය පලතුරක්. ඒත් apple කියන product එක ?
අම්මෝ, ඇහුවත් දාඩිය දානව නේද ? apple i pod, apple iphone, apple mac හරි ලස්සන, ගාන ඇහුවම තරු විසි වෙන ජාතියෙ නිෂ්පාදන බව හැමෝම දන්නවනේ. ඒ කොහොම උනත් නවීන තාක්ෂණය ලස්සනට ඉදිරිපත් කරත්දි apple හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නවා. ජංගම දුරකථනය වෙනත් තලයකට ගෙන ආ සහස්‍රයේ සිහිනය apple i phone කියන ජේත්තුකාරයාගේ අනාගත පරපුරේ නූපන් දරුවෙකුට ලියපු උප්පැන්නයක සිංහල පිටපත ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවෙ ඕන්න ඔය කරුණු නිසා.
ඒ තමා *Apple Black Hole*
apple සමාගමේ නවතම ජංගම දුරකථන සංකල්පය තමා මේ. අද අප අතට පත් වන නවීන තාක්ෂණික උපකරණ සමඟ සසඳන විට පවා මෙම සංකල්පය සිහිනයක්ම විතරයි වගේ. avatar, iron man වගේ සිනමා නිර්මාණ වල තිබුනු ප්රක්ෂේපන තිර ක්‍රමය මතකද ? හිස් අවකාශයට විහිදුනු රූප අත පත ගාන අය දැක්කම හිතට අමුතු හැඟීමක් දැනෙනවා නේද ? සිනමා තිරයට සීමා වූ එම සිහිනය හැබෑවක් කරන්න apple සමාගමේ පිරිස ක්‍රියාත්මක කරමින් සිටින ව්‍යාපෘතිය තමා Apple Black Hole Concept, the iPhone of 2020 ?
දැක්කම නම් ටිකක් අමුතුයි තමා. කොහොම නමුත් මේ තමා Apple Black Hole පෙනුම. මෙය කොටස් හතරකින් සමන්විතයි. the charging base, the Prism, the Black Hole සහ the giftbox තමා ඒ කොටස් හතර. ප්‍රධාන කොටස නැතිනම් the Black Hole කොටස අත්ල මතට ගත් විට මෙහි දිස් වන කුඩා කළු පැහැ බෝලය හිස් අවකාශයට විහිදී holographic technology නම් ක්‍රමය භාවිතා කරමින් අත්ලට ඉහල හිස් අවකාශය තුල රූප නිර්මාණය කරනු ලබනවා. අතින් ඇල්ලීමට හැකි මේ රූප තමා මෙහි තිර මුහුනත වන්නෙ.

කොහොම නමුත් මම කිව්වනේ, නූපන් දරුවෙකුට ලියපු උප්පැන්නයක් කියලා. ඒත් අපිත් මේ දරුවගෙ උප්පත්තියට සුබ පතමු.
හොඳ Video Converter එකක් කොහෙන් හොයන්නද ? මේක මට තිබුණු ලොකු අවුලක්. පන යනකම් හොයල එකක් දා ගත්තා කියමුකො, දාහක් ලෙඩ. එක්කො out put කොලිටිය අන්තිමයි, නැත්නම් sound අන්තිමයි. එහෙමත් නැත්නම් video එක වෙනම යනවා sound පස්සෙ එනවා. නෑ කියන්න බෑ නේද මේ ප්‍රශ්ණ ?
මම මේ කියන්නෙ ලොකුවට studio එහෙම කරන සහෝදරයන්ට නෙමෙයි. අපේ පොඩි පොඩි editing කරන පොඩි සහෝදර පිරිසට. මමත් ඒ කට්ටියේ එක්කෙනෙක් තමා. ඉතිං මෙන්න විසදුම.


iSkysoft Video Converter එකේ තියෙන ප්‍රධානම හොඳ ගුණය මිත්‍රශීලී තිර මුහුණත. video format ගැන සාමාන්‍ය දැනුමක් තිබීම මේ සඳහා මිත්‍රශීලී තිර මුහුණත භවිතා කිරීමට හොඳටම ඇති.
ලෝකයේ දැනට භාවිත වන " සියළුම video format " ඇසුරින් ඔබගේ Convert කිරීම සිදු කර ගැනීමට ඔබට නිසැකව හැකි වනු ඇත. එමෙන්ම crop, effect, water mark වැනි සුවිශේෂී පහසුකම් කීපයකින්ද මෙම iSkysoft Video Converter එක පොහොසත්. පාවිච්චි කරලම බලන්නකෝ. මේක torrent ලින්ක් එකක්.හොඳට වැඩ කරන ලින්ක් එකක්. ප්‍රමාණයෙන් 9MB තරම් කුඩා iSkysoft Video Converter එක පාවිච්චි කරල ගුණ දොස් කියන්නකෝ.
FREE MOVIES දැන් හැමතැනම. TORRENTZ, MEDIA FIRE ඕන තරම් ක්‍රම තියෙනවා. ඒත් TORRENT හරහා SOFTWAE ගන්න ගියාම එක එක ලෙඩ. හොඳ SOFTWAE TORENTS නැතුවම නෙමෙයි. ඒ කොහොම උනත් මෙන්න තියෙනවා හොඳ ක්‍රමයක්. සමහර විට ඔයාල මේ web site එක දන්නවා ඇති. නොදන්න අයට තමා මේ කියන්නෙ.

web site එකේ නම තමා index download. මෙම web site එකේ විශේෂත්වය මේ වන විට නිකුත් වී ඇති SOFTWAE සියල්ලේම පාහේ full edition බා ගත හැකි වීමයි. එමෙන්ම ඒවා සියල්ලම සමඟ serial, crack අනිවාර්යෙන්ම ලබා දී තිබීමයි. ඉතිං, නීත්‍යානුකූල SOFTWAE හුඟාක් මිල අධික නිසා දුක් වෙන්න ඕන නැහැ. මේක DIGITAL නිධානයක්. අත්දැකීමෙන් කියන්නෙ.
ආ....software විතරක් නෙමේ, E-Books - E -Magazine - Video Training - Games - Movies - TV Shows - Musics And Clips - Scripts - wallpapers - Mac Applications වගේ ඕනෑම දෙයක් තියෙනවා. ගිහින් බලන්නකෝ. ඔයාල මට ස්තූති කරාවි අනිවාර්යෙන්ම.
ස්තූති කරන්න හිතුනොත් comment එකක් දාල යන්නකෝ.